හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි ලිත් නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කිරිමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළා.
විනිසුරු ශිරාන් ගුණරත්න මහතායි තීන්දුව ප්‍රකාශයට පත්කළේ. එම නඩුව ගිහාන් කුලතුංග මහතාගෙන් වෙනත් අධිකරණයකට මාරු කිරිමට තරම් ප්‍රමාණවත් කරුනු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි අභියාචනාධිකරණය තීන්දු කළේ. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරිමයි ඔහුට එරෙහි චෝදනාව.