ජනාධිපතිවරණය සදහා සියලු අපේක්ෂකයින් ඉදිරිපත් කළ පසු ඔවුන්ගේ ප්රතිපත්ති ප්රකාශ අනුව තම පක්ෂයේ සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කරන බව දෙමල ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් මහතා පවසනවා. ඒ ඉන්දියාවේ ද හින්දු පුවත්පතට ප්රකාශයක් ලබා දෙමින්.
පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් මහතා මේ බව ප්රකාශ කළේ ඊයේ (26) දින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුවයි. එහිදී ඔහු කියා සිටියේ කුමන අපේක්ෂකයාට සහාය දිය යුතුද යන්න පිලබදව තම සන්ධානය තවම තීරණයක් ගෙන නොමැති බවයි. සියලුම පක්ෂවල නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික ගැටළු සම්බන්ධයෙන් ඔවුන් ප්රකාශ කරන අදහස් සලකා බලා රට වෙනුවෙන් ගත යුතු හොදම පියවර ගන්නා බවයි ආර්. සම්බන්ධන් මහතා ද හින්දු පුවත්පතට තවදුරටත් ප්රකාශ කර තිබුනේ.