දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ලබන සදුදා වනවිට දුම්රිය වැඩවර්ජනය නතර නොකළහොත් වර්ජකයින්ට එරෙහිව ගතහැකි සෑම දැඩි ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ.
අද උදෑසන ද රාජකාරී සදහා පැමිණීමට නොහැකිව දුම්රිය ස්ථානවල බොහෝ පිරිසක් රැදී සිටින ආකාරය දැකගත හැකිවුණා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ. මේ අතර ගාල්ල දුම්රිය ස්ථානයේ සිට කාර්යාල දුම්රිය දෙකක් කොළඹ කොටුව බලා ධාවනය වූ අතර දැඩි මගී තදබදයක් ද දැකගත හැකි වූ බවයි අපව වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඊට විසදුමක් ලෙස මගීන්ගේ පහසුව වෙනුවෙන් අමතර ලංගම සහ පෞද්ගලික බස් රථ යොදා තිබෙනවා. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය සිදුකිරීම අසාධාරණ බවයි මගීන් පවසන්නේ.