හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වනඅලින් 4 දෙනෙකු මිය යාම පිළිබඳ පරික්ෂණ පවත්වන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ හා ඊට යාබඳ තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේදී මෙසේ මිය ගොස් ඇති අලින් හතර දෙනාම ගැහැණු සතුන්. එකිනෙකට ආසන්න ස්ථාන 4 කදී එම සතුන් මිය ගොස් සිටියා. ගැබ්බර ඇතින්නක ද ඒ අතර වනවා. මිය ගිය සතුන්ගේ මරණ පරික්ෂණ ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය මගින් සිදු කරනවා.
කලාවැව සිට සීගිරිය හා මින්නේරිය ප්‍රදේශවලට මෙම සතුන් සංක්‍රමණය වන මාර්ගය අනවසර වගාකරුවන් අත්පත්කරගෙන ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා. එම අනවසර වගාබිම් ඔස්සේ ගමන් කිරීමට යාමේදී අලින් විවිධ පීඩාවලට ලක්වන බවයි සීගිරිය අඩවි ආරක්ෂක නිලධාරී සී බණ්ඩාරනායක මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZKX7wcXc3p0″]