fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය වර්ජනය ලිඛිතව වාචිකව දැනුම් දී නැහැ – සදාචාරයට විරුද්ධ වැඩක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 18:55

දුම්රිය වර්ජනය ලිඛිතව වාචිකව දැනුම් දී නැහැ – සදාචාරයට විරුද්ධ වැඩක්

දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. රාජකාරී සදහා පැමිණීමට නොහැකිව දුම්රිය ස්ථානවල බොහෝ පිරිසක් රැදී සිටින ආකාරය අද උදෑසන දැකගත හැකිවුණා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. සෑම දුම්රිය ස්ථානයකම පාහේ විශාල වශයෙන් මගීන් රැදී සිටි ආකාරය දැකගත හැකි වුණා.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ධාවනය වූ අතර තවත් දුම්රිය දෙකක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ නතරකර තිබුණා.

කුරුණෑගල සහ මහනුවර සිට අද උදෑසන දුම්රිය දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ධාවනය කෙරුණා.

වව්නියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වව්නියාව දුම්රිය ස්ථානයේ නතරකර තිබුණා. දුම්රිය ස්ථානාධිපති කාර්යාලය ඇතුළු සෙසු කාර්යාල වසා තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ.

අම්බලන්ගොඩ – බලපිටිය දුම්රිය ස්ථානවලින් එක් දුම්රියක් කොළඹ කොටුව දක්වා ධාවනය වූ අතර මගීන් බොහෝ පිරිසක් එම දුම්රිය ස්ථානවල රැදී සිටියා.

වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන සියල්ලම පාහේ වසා දමා තිබුණා. තැපැල් මලු තැපැල් දෙපාර්තමේන්තුවේ ලොරි රථ මගින් ප්‍රධාන තැපැත් කාර්යාල වෙත යැවීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මේ අතර මෙම දුම්රිය වර්ජනය පසුපස බලය ගිලිහුණු දේශපාලන කණ්ඩායමක් සිටින බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. විශ්‍රාමිකයින් යොදවා දුම්රිය ධාවනය කරවීමට රජය උත්සාහ කළ ද අදාළ කණ්ඩායම විශ්‍රාමිකයින්ගේ නිවෙස් වෙත ගොස් තර්ජනය කර බියවැද්දීම් සිදුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo