රට වෙනුවෙන් එකට සිටිමු බදුල්ල දිස්ත්රික් වැඩසටහනේදී ලක්ෂයකට වැඩි පිරිසකට ප්රතිලාභ හිමිව ඇතැයි දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ප්රකාශ කළා.
ඒ දින තුනක කාලයේදී. බදුල්ල , ඇල්ල, හාලිඇල සහ සොරනාතොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල විශාල පිරිසක් වැඩසටහන් සදහා එක්ව සිටින බවයි දිස්ත්රික් ලේකම්වරිය පෙන්වා දෙන්නේ.
නායයාමේ අවදානම් පිලිබදව ජනතාව දැනුවත් කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ වුණා. ඒ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනට සමගාමීව. බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී එය පැවති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. නායයාම්වලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිවාස ඉදිකිරිම ඇතුලු කරුණු පිලිබදව එහිදී සාකච්ඡා වී තිබෙනවා.