fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණසමරුව අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 11:52

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණසමරුව අද

හිටපු අග්‍රාමාත්‍ය,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණසමරුව අද(26)යි. ඒ මහතාගේ සහ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මෙන්ම හිටපු කතානායකවරයෙකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණසැමරීම ද අද (26) සිදුකෙරුණා.

ආසියාවේ රිදී සීනුව යන විරුදාවලිය ලත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ  කොළඹ මහනගර සභාවට තරගවදිමින්. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ ඔහු එක්දහස් නවසිය පනස් හයේ මහ මැතිවරණය ජය ගෙන අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා. සඝ, වෙද, ගුරු, ගොවි,  කම්කරු යන පංච මහා බලවේග පෙරටුකොට විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඒ මහතා කටයුතු කළේ සමාජයට සැබෑ පූර්වාදර්ශයක් ගෙන දෙමින්. තම සේවය සඳහා බණ්ඩාරනායක මහතා ගුරුකොට ගත්තේ  මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්නයි. සාහසිකයෙකුගේ වෙඩි පහරින් ඒ මහතා ඝාතනයට ලක්වූයේ එක්දහස් නවසිය පනස් නවයේ සැප්තැම්බර් විසි හයවනදායි.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණසමරුවට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ අනුර බණ්ඩාරනායක මහතාගේ ගුණ සැමරීම ද හොරගොල්ල සමාධිය අසලදී සිදුකෙරුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්,  බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වූවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ,  කතානායක කරූ ජයසූරිය අමාත්‍ය මංගල සමරවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්වුණා.

මේ අතර එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 60 වන ගුණ සමරුව වෙනුවෙන් කෘති හතරක් එළි දැක්වීම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රදානත්වයෙන්. බණ්ඩාරනායක සමාධි පදනමයි මෙය සංවිධාන කර තිබුණේ. තරිදු තොටවත්ත මහතා රචනා කළ බණ්ඩාරනායක දර්ශනය,  සරත් රත්නායක මහතා රචනා කළ අහසින් පොළවට, 56 යලි කියවමු  හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සාමයේ ගීතය සහ සිලෙක්ටඩ් ස්පීචස් ඇන්ඩ් ආර්ටිකල්ස් යන කෘති 4 යි මෙහිදී එළිදැක්වුණේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්