ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ යුදහමුදාපතිවරයා ලෙස පත් කිරිමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා හමුදාව සාම සාධක බලකායට යොදා නොගැනිමට එක්සත් ජාතින්ගේ සංවිධානය තිරණය කර තිබෙනවා.
එක්සත් ජාතින්ගේ සංවිධානය හා ඇමෙරිකා එක්සත් ජනපදය එම තීරණය දැනුම් දුන් බවයි අල්ජසිරා පුවත් සේවය වාර්තා කරන්නේ. ලුතිල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව විශ්වාසනිය තොරතුරු මත තහවුරු වී තිබියදිත් ඔහු යුද හමුදාපතිවරයා ලෙස පත් කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රකාශක ෆර්හාන් හක් ශ්‍රී ලංකා රජයට සිය කනස්සල්ලද පල කර තිබුණා.
ඒ අනුව එක්සත් ජාතින්ගේ සහන මෙහෙයුම් දෙපාර්තමේන්තුව අනාගතයේ බරපතල මෙහෙයුම් අවධානමකට මුහුණදුන් අවස්ථාවක හැර අනෙකුත් සියලුම අවස්ථාවලදී ශ්‍රී ලංකා හමුදාව යොදා ගැනිම අත්හිටුවූ බවයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ.