ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ විශ්වවිද්‍යාල සිසුන් අතර ඇති වූ ගැටමකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පවත්ව තිබෙනවා.
විරෝධතාවක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයින් 27 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. ගුරුවරයකු කළ අන්තවාදී ප්‍රකාශයකට විරෝධය පල කරමින් හටගත් විරෝධතා ගැටුම් දක්වා වර්ධනය වුණා. ගැටුම් පාලනය කිරීමට පැමිණි පොලීසියටද විරෝධතාකරුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් ගොඩනැගිලි කිහිපයකටද අලාභ හානි සිදුව ඇති බව සඳහන්. මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඉන්දූනිසියා වාර්තා සඳහන් කරන්නේ.