මාලි රාජ්‍යයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් පුපුරා යාමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බමකෝ අගනුවර වාහන තදබදයක් අතරතුරදී මෙම පිපිරීම සිදුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. මියගිය පුද්ගලයින් හය දෙනාට අමතරව තවත් 46 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන්ධන ප්‍රවාහන බවුසරය යතුරුපැදියක ගැටීමත් සමඟ පුපුරාගොස් ගිනිගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.