මහනුවර මහියංගන මාර්ගයේ ලොග්ගල් ඔය ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පස් දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ඇදී වේල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනා මීගහකිවුල රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මෙම පිරිස බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමටයි පියවර ගැණුනේ.