ඉරානයේ මැදිහත්කරුවෙකු ලෙස තම රට සහාය ලබාදෙන බව පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ප්රකාශ කළා.
ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී. ඇමරිකාව සහ ඉරානය අතර දේශපාලනික වශයෙන් ගැටුම් පවතිනවා. එය විසදීමට මැදිහත් වන ලෙස ඇමරිකා ජනාධිපති පාකිස්ථාන අග්රාමාත්යවරයාට යෝජනා කර තිබෙනවා. දැනටමත් ඉරාන ජනාධිපති හසන් රවුහානි සමඟ සාකච්ඡා කළ බවයි පාකිස්ථාන අග්රාමාත්යවරයා ප්රකාශ කළේ.
ජගත් මහ මණ්ඩල සැසිය අතරතුරදි ඩොනල්ඩ් ට්රම්ප් සහ ඉම්රාන් ඛාන් සාකච්ඡා කර තිබෙන්නේ.