fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 15:14

ප‍්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

හෙට (25) සහ අනිද්දා (26) ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ කඩවත පිටත වට රවුම් අධිවේගී මාර්ගය හරහා ඉදිකරන ලද පාලම අසල සිදුකරන ඉදිකිරිමක් හේතුවෙන්.

කඩවත ගනේමුල්ල මාර්ගයේ කොස්සින්න සිට කිරිදිවිට දක්වා සියලුම අතුරු මාර්ගවල හෙට (25) පෙරවරු නවයේ සිට බ‍්‍රහස්පතින්දා (26) අලුයම තුන දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත. ඊට අමතරව ගනේමුල්ල , ගලහිටියාව , නැදුන , කටුවාලමුල්ල , පරකන්දෙණිය , පහල යාගොඩ සහ හොරගොල්ල ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර තිබෙනවා. මාකිලන්ගමුව , තිබ්බටුගොඩ, කුඩාබොල්ලත , මිදෙල්ලවිට , රත්මල්විල සහ කොස් ඕවිට ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවිමයි අපේක්ෂාව.

එහි දෙවන අදියර ලෙස තවත් ප‍්‍රදේශ කිහිපයකට හෙට පස්වරු තුනේ සිට බ‍්‍රහස්පතින්දා පෙරවරු නවය දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ඒ අනුව කඩවත ගනේමුල්ල මාර්ගයේ කඩවත සිට පොල්හේන දක්වා සියලුම අතුරු මාර්ගවල සහ වැලිපිල්ලෑව , දංගහවෙල , ඉහල කරගහමුන , මහර-නුගේගොඩ ප‍්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්