ඇෆ්ගනිස්තානයේ විවාහ මංගල උත්සවයක් අතරතුර හමුදාව සිදුකළ වැටලීමකදී පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්තානයේ දකුණු හෙල්මන්ඩ් ප්රාන්තයේ විවාහ මංගල උත්සවයක් පැවැත් වූ නිවසට යාබද නිවසේ සිදුකළ වැටලීමකදී වෙඩි තැබීම් හා පිපිරීම් සිදුව තිබෙනවා. ඒ ඇෆ්ගන් රජයේ හමුදා සහ තලෙයිබාන් සටන්කාමින් අතරයි. පිපිරීමෙන් මංගල උත්සවයට සහභාගී වූවන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. එම නිවස තලෙයිබාන් සටන්කරුවන් භාවිත කළ එකක් බවයි ඇෆ්ගන් රජයේ හමුදා පවසන්නේ. සටන්කාමීන් එම නිවස මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට යොදා ගත් ස්ථානයක් වනවා.