ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ඔක්තෝම්බර් 30 සහ 31 සිදුකරන බව මැතිවරණ කොමිසම ප්රකාශ කළා.
මැතිරවණ රාජකාරිවල නිරත වන ආරක්ෂක අංශ හා රජයේ නිලධාරින්ට ඒ සඳහා නොවැම්බර් පළවනදා දින වෙන්කර තිබෙනවා. වෙන් කළ දින තුනේ තැපැල් ඡන්ද ප්රකාශ කිරිමට නොහැකි වන පුද්ගලයන් සඳහා නොවැම්බර් හත් වනදා ද දිනය වෙන්කර ඇති බවයි කොමිසම පවසන්නේ.