fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 09:34

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට

පාකිස්තාන තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත් වුණා.

එක්දින තරග 03කින් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 03කින් මෙම තරගාවලිය සමන්විතයි. මේ මස 27 , 29 හා ඔක්තොම්බර් 02 වන යන දින කරච්චි ජාතික ක්‍රිඩාංගනයේදී එක්දින තරග ආරම්භවීමට නියමිතයි. පන්දුවාර විස්ස විස්ස තරග ඔක්තොම්බර් 05, 07 සහ 09යන දිනවල ලහෝර්හි ගඩාෆි ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනවා. 2009 වසරේ ලාහෝර්හිදි ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තාන තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන පළමු අවස්ථාවද මෙය විම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමට ආශිර්වාද කිරීමේ ආගමික වැඩසටහනක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සංවිධාන කර තිබුණා.  ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ  ලහිරු තිරිමාන්නයි. දසුන් ශානක පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 09:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්