fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ආරක්ෂක අංශ සීරුවෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 08:53

ඉන්දීය ආරක්ෂක අංශ සීරුවෙන්

ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට ඉන්දියාව තීරණය කළා. කාශ්මීරයට ත‍්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් පැමිණි බවට තොරතුරු ලැබීමයි ඊට හේතුව.

පාකිස්ථානයට ආසන්න දේශසීමා ප‍්‍රදේශවල සිට ඔවුන් පැමිණ ඇති බවටයි හෙළිව තිබෙන්නේ . ඒ අනූව ප‍්‍රදේශ කිහිපයකම නව ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ප‍්‍රහාර එල්ල කළ හැකි බවට සැක කෙරෙන ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ඔවුන් පාකිස්ථානයට චෝදනාවක් ද එල්ල කළා. ඒ කාශ්මීරයේ තත්ත්වය ව්‍යාකූල කිරිමට කටයුතු කරන බව පවසමින්. ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොදෙන බවයි ඉන්දීය බලධාරින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්