පළාත් රැසකට මේ වන විට බලපා ඇති මිලිමීටර් 200 ඉක්ම වූ අධික වර්ෂාපතනය හෙට රාත්‍රිය දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කළ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. අධික වැසි සමග සුළං සහ අකුණු ඇතිවන බැවින් සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qlRFZr4PKmk”]
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවදානමක් ද මතුව තිබෙනවා. රත්නපුර,මාතර,ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්වලට මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල,වළල්ලාවිට,මතුගම සහ අගලවත්ත ප්‍රදේශවල දැඩි අවදානම් තත්ත්වයක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ. මේ අතර ගංගා රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. නිල්වලා,ගිං ගග සහ කැලණි ගග පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ සහ බද්දේගම ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. මාතර දිස්ත්‍රික්කයේ ද කඹුරුපිටිය ඇතුළු පහත් බිම් කිහිපයක් ද ජලයෙන් යටව පවතිනවා. මාර්ග රැසක් ජල ගැලීමට ලක්වීම හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ කොටහේන ජේතවන විහාරස්ථානය ඉදිරිපිට ආමර්වීදිය, බාමර්වීදිය ප්‍රදේශය, බ්ලුමැන්ඩල් පාර,සෙන් ජේම්ස් වීදිය, කොටුව රෙක්මලේෂන් පාර, ජන්තුපිටිය පාර, කිරුළපන පොලීසිය ඉදිරිපිට මාර්ගය, හයිලෙවල්පාර, බ්රේස්ලයින් පාර, රොබට් ගුණවර්ධන හන්දිය සහ දෙමටගොඩ අලි දෙන්නා පන්සල අසල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසනවා.