ලෝක ශූරතා රග්බි රගාවලියේ වේල්ස් සහ ජෝර්ජියාව අතර තරගය අද පැවැත්වුණා.
එහිදී 43 ට 14 ක් ලෙස තරගයේ ජය හිමිකරගත්තේ ප්‍රබල වේල්ස් කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය අවසන් වන විට 29 ට 0 ක් ලෙස ලකුනු සටහනේ පෙරමුණගෙන සිටි වේල්සය දෙවන අර්ධය අවසානයේදී 43 ට 14 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. එහිදී උත්සාහක දිනුම් 06 ක් වාර්තා කළ වේලසය එක් දඩුවම් පහර අවස්තාවක් සාර්ථක කර ගත්තා. මේ අතර තරගවලියේ එංගලන්තය සහ ටොංගා රජ්‍යය අතර ඊයේ අවසන් වුයේ එංගලන්තයට 35 ට 03 ක් ලෙස ජය හිමිකර දෙමින්.