fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව පරදා දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 16:22

ඉන්දියාව පරදා දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති 3 වන 20-20 ක්‍රිකට් තරගය කඩුලු 9 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 134 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිකර් දවාන් ලකුණු 36 යි. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු විස්සේ සීමාව පසු කිරිමේ හැකියාව ලැබුණේ නැහැ. පන්දු යැවීමේදී කගීසෝ රබණ්ඩා කඩුලු 3 ක් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5 කදී එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 140 ක් වාර්තා කරමින් තරගයේ ජය හිමිකරගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ක්වින්ටන් ඩිකොක් ලකුණු 79යි. බෙව්රාන් හෙන්ඩ්‍රික්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 16:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්