ලන්ඩන් නුවර කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක තෝමස් කුක් සංචාරක මෙහෙයුම් හා ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවා තිබෙනවා.
බි්රතාන්යය සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. තෝමස් කුක් සමාගමේ ප්‍රධාන විධායක පීටර් ෆැන්කෝෂර් සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වෙත සිය කණගාටුව ප්‍රකාශ කළා. මේ හේතුවෙන් බි්රතාන්යයේ සේවය කරන නව දහසකගේ ඇතුළු ලොව පුරා සේවකයන් විසි දෙදහසකගේ රැකියා අහිමිවීමේ තත්ත්වයක් හටගත හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.