ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරයේදී විදෙස් ජාතික විනිසුරුවන් සහ තරග තීරකවරයෙකු තරග අධික්ෂණය වෙනුවෙන් එක්වනු ඇති බව වාර්තා වනවා.
පාකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ සොයා බැලිමකින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව ඕස්ට්‍රේලියා ජාතික ඩේවිඩ් බූන් තරග තීරකවරයා ලෙසද, එංගලන්තයේ මයිකල් ගෆ් සහ බටහිර ඉන්දිය කොදෙව් ජාතික ජොයෙල් විල්සන් විනිසුරුවන් ලෙසද කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. නිමාවූ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ අතර ඔහු ලබා දුන් බොහෝ විනිසුරු තීරණ වැරදි වීම හේතුවෙන් ඔහුට එරෙහි දැඩි විවේචන ද පසුගිය කාලයේ දී එල්ල වුනා. සත්කාරක පාකිස්තානයෙන් අලීම් ඩාර්, අසාන් රාසා,සොසයිබ් රාසා සහ අසීෆ් යාකුබ් නම් කර තිබෙනවා. මේ අතර පාකිස්තාන තරග සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්තර විචාරකයෙකු ලෙස රොෂාන් අබේසිංහ මහතා එක්විමට නියමිත බවයි වාර්තා වන්නේ