ජාත්‍යන්තර වසංගත රෝග අධ්‍යයන සංගමයේ දකුණු ආසියා කලාපීය පළමු සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ප්‍රජාත සෞඛ්‍ය විශේෂඥයින්ගේ සංගමයේ 24 වන විද්‍යාත්මක සැසි වාරයට සමගාමීවයි එය සංවිධාන කර තිබුණේ.
පසුගිය 19 වනදා සිට 21 වනදා දක්වා පැවති සමුළුවට දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියා. සැමට සෞඛ්‍ය උදෙසා නිවැරදි ආයෝජනයක් යන තේමාව යටතේ සමුළුව පැවැත්වුණා. මෙරට සෞඛ්‍ය සේවයේ විප්ලවීය වර්ධනයක් උදා කිරීමට මේ වන විට හැකිවී තිබෙනවා. සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි. ආසියා ශාන්තිකර කලාපීය මූලාශ්‍ර හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ශිවනන්ති තනේන්තිරන් මහත්මිය මෙහි ප්‍රධාන දේශනය පැවැත්වුවා. ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ප්රගමනය හා ප්‍රවර්ධනය උදෙසා කළ මෙහෙය අගයමින් විශිෂ්ඨතා ඇගයීම් සම්මාන ප්රදානය ද මෙහිදී සිදු කෙරුණා.