ඉරාන ජනාධිපති හසන් රව්හානි හමුවීමට තමාගේ කිසිදු සූදානමක් නොමැත බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරාන ජනාධිපතිවරයා ජගත් මහ මණ්ඩල සැසිවාරයට සහභාගිවිම සඳහා තවත් පැය කිහිපයකින් නිව්යෝර්ක් නුවරට ළඟාවීමට නියමිතයි.
මෙම සැසිවාරයේදි හෝමුස් සමුද්‍රසන්ධියේ සාමය සහතික කිරිම සඳහා කළාපය සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වන බවයි ඉරාන ජනාධිපතිවරයා මීට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ. මහ මන්ඩල සැසිවාරයේදි ඔහුගේ එම ප්‍රකාශය ඇසීමට තමාට හැකිවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.