ඉන්දිය කොංග්රස් පක්ෂයේ අන්තර්කාලින සභාපති සෝනියා ගාන්ධි සහ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයට පැමිණියා. ඒ කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන පී චිදම්බරන් හමුවීමට.
මුදල් විශුද්ධිකරණ චෝදනාවක් මත චිදම්බරන් මේ වනවිට බන්ධනාගාරගතව පසුවනවා. ලබන 03 වනදා ඔහුට අදාල නඩුව යළි කැඳවීමටයි නියමිත. සෝනියා ගාන්ධි සහ මන් මෝහන් සිං ඔහු හමුවිමට පැමිණියේ කුමක් සඳහාද යන්න පිළිබද මෙතෙක් වාර්තා වි නොමැති බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ.