දියකාවා යුධ අභ්‍යාස අදියරේ අවසන් ප්‍රහාරක පුහුණු අභ්‍යාසය ති‍්‍රකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේදි අද පැවැත්වෙනවා. එය ආරම්භ වන්නේ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
නාවික සහ ගුවන් හමුදාවේ සහය ඇතිව පැවැත්වෙන අභයාසය වෙනුවෙන් විදෙස් හමුදා සාමාජිකයන් සහ නිරික්ෂකයින් සිය දෙනෙකු පමණ එක්වන බවයි යුධ හමුදාව පවසන්නෙ. යුධ හමුදා සෙබලු 2400 ක් නාවික හමුදා සෙබලු 400 දෙනෙක් සහ ගුවන් හමුදා සෙබලුන් 200 දෙනෙකු ඊට සහභාගිවීමටයි නියමිත. ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාව මෙම පුහුණු අභ්‍යාසය සංවිධාන කලේ 10 වන වතාවට.