හොංකොං හි විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර යළි ගැටුම් හටගෙන තිබෙනවා.
කදුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කරමින් විරෝධතාකරුවන් පලවා හැරිමට පොලිසිය කි‍්‍රයාකර ඇති බවයි වාර්තා වන්නේ. උමං දුම්රිය ස්ථානයක් ආශි‍්‍රතව ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් දෛනික කටයුතු වලට ද බාධා සිදුවුණා. ගුවන් තොටුපල හා දුම්රිය ආශි‍්‍රතව විශේෂ ආරක්ෂාවක් යෙදවිමට ද බලධාරින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.