හෙරොයින් ග්රෑම් 54 යි මිලි ග්රෑම් 650ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා. 41 හැවිරිදි කාන්තාවක ද ඒ අතර වනවා.
හෙරොයින් ග්රැම් 03යි මිලි ග්රැම් 150 ක් සමඟ ඇය අත්අඩංගුවට ගැනුනේ බුලත්සිංහල කන්දවාඩිය ප්රදේශයේ දියි. සැකකාරිය මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් තොටලඟ ප්රදේශයේ සිදුකළ වැටලිමකින්. 19 හැවිරිදි සැකකරු ළඟ තිබි හෙරොයින් ග්රැම් 51යි මිලි ග්රෑම් 500 ක් ප්රමාණයක් සොයාගෙන තිබෙනවා.