අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කළ සමස්ත ලංකා පාසල් සහය දිවිමේ ශුරතා තරගාවලිය සුගතදාස ක්රිඩංගයේදී පැවැත්වුණා. එහිදි නව තරග වාර්තා 34ක් බිහිවීමද විශේෂත්වයක්.
තරගාවලියේ බාලක සහය ශුරතාව ලකුනු 82ක් ලබා ගත් කොළඹ සාන්ත පීතර විද්‍යාලය දිනා ගත්තා. එහි අනුශුරතාවය දිනා ගත්තේ ලකුණු 55ක් ලබා ගත් වලල ඒ රත්නායක මහා විද්‍යාලයයි. ලකුණු 45ක් ලබා සිටි කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයට තුන්වන ස්ථානය හිමි වුණා. සමස්ත බාලිකා සහාය ශුරතාව ලකුණු 125ක් ලබා ගත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට හිමි වුනා. ලකුණු 79ක් ලබා සිටි ගම්පහ සිරිකුරුස විද්‍යාලය එහි අනුශුරතාව දිනා ගත්තා. තුන්වන ස්ථානය හිමි වුණේ ලකුණු 43ක් ලබා ගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයි.