fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 11:03

ඇමරිකාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුම්

ඉස්ලාමීය ත‍්‍රස්වාදයෙන් සිය ජනතාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කරන බව ඉන්දු – ඇමරිකා නායකයන් සහතික වුණා. ඒ ඇමරිකාවේ හියුස්ටන් හි පැවති හවුඩිමෝඩි උත්සවයේ දීයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දිය ඩයස්පෝරාවේ පනස් දහසක් පමණ අමතමින් මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල් දෙක වන ඉන්දියාව සහ ඇමරිකාව ඉස්ලාමිය ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරිමට කැපවන බවයි ඔවුන් එහිදි අවධාරණය කළේ. ආරක්ෂක සබඳතාව ශක්තිමත් කිරිමේ අරමුණින් දෙරට අතර ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තබන බවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් මෙහිදි සඳහන් කළා. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ශක්තිමත් සහ සමෘද්ධිමත් ඉන්දියාවක් බිහිව ඇති බවද පෙන්වා දෙමින්. ඩොනල්ඩ් ට‍්‍රම්ප් දෙවන වරටත් ඇමරිකාවේ ජනාධිපතිවීම අනුමත කරමින් ඉ න්දිය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශයක් ද සිදුකළ බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්