fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් එකට සිටිමු අටවන අදියර බදුල්ලෙන් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 10:57

රට වෙනුවෙන් එකට සිටිමු අටවන අදියර බදුල්ලෙන් ඇරඹෙයි

රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහනේ අටවන අදියර බදුල්ලෙන් අද ආරම්භ වුණා.

ලබන  28 වනදා දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක් ආවරණය වන පරිදී එය ක්‍රියාත්මක කිරීමයි සැලසුම. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මඟින් ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරෙනවා. දිස්ත්‍රික්කයේ ජනතාවට සෘජුවම බලපාන කෘෂිකර්ම , ඉඩම්, නිවාස සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 10:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්