fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 09:44

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබයි

මාතර කටුවන හොරේවෙල හන්දිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

ගවයෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා. ඒ අනුව හොරේවෙල හන්දිය ආසන්නයේ මාර්ගයේ රැදී සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ධාවනය වූ මෝටර් රථයක් නැවැත්වීම සඳහා සංඥා නිකුත් කළද එය නොනවත්වා ධාවනය කර තිබෙනවා. එහිදී එම පොලිස් නිලධාරීන් මෝටර් රථයට වෙඩි තැබිමක් සිදුකර ඇති අතර එහි සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත්තා. තවත් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ සොරකම් කළ ගවයා මාතර ප්‍රදේශයට ප්‍රවාහනය කර නැවත එමින් සිටි අවස්ථාවේ පොලීසිය මෙලෙස නතර කිරීමට සංඥා නිකුත් කළ බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්