fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාප නායක සහ නියෝජ්‍ය නායකයා අතර අදත් සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 10:38

එජාප නායක සහ නියෝජ්‍ය නායකයා අතර අදත් සාකච්ඡාවක්

එක්සත් ජාතික පෙරමුණේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි කරුණු කිහිපයක් අවධානයට ගැනුණා.

ජනාධිපතිවරණය ජයග‍්‍රහණය සඳහා සිවිල් සංවිධාන මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය ද සහය ලබාගන්නා ආකාරය ගැන අවධානය යොමුව තිබෙනවා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කිරිම එක්සත් ජාතික පාක්ෂිකයන් නොවන පිරිසගේ ඡන්දය ජනාධිපතිවරණයේදි ලබාගන්නා ආකාරය මෙන්ම විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් ද එහිදි අදහස් හුවමාරු කර ගැනුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්