විදෙස් නායකයෙකුට හිමි වූ ඉහළම පිළිගැනීමක් සහිතව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ටෙක්සාස් ප්‍රාන්ත රැළියේ දී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පිළිගැනීමේ රැළියට පනස් දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව සඳහන්. විදේශ නායකයෙකු ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වූ විශාලතම මෙන්ම දුර්ලභ දේශපාලන රැස්වීමක් ලෙසයි විදෙස් මාධ්‍ය මෙය හදුන්වා තිබෙන්නේ. මෙම උත්සවයේදී 400 ක් පමණ දෙනෙකු විශේෂාංග රැසක් ඉදිරිපත් කළා.
ඇමෙරිකාවේ සුවිශේෂී මිතුරෙකු ලෙස ඉන්දියාව කටයුතු කරන බවයි නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ. ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානුවන්ට තමා තරම් හිතවත් මිත්‍රශීලී ජනාධිපතිවරයෙකු නොමැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉන්දියානුවන් තම රටේ සංස්කෘතිය පෝෂණය කරන අතර සාරධර්ම ආරක්ෂා කිරීම හේතුවෙන් තම රටේම පුරවැසියන් ලෙස ඔවුන් සළකන බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළා.