fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ටැඹේ ජලාශයට වැටී මියගිය සෙබලාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 08:48

රන්ටැඹේ ජලාශයට වැටී මියගිය සෙබලාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද

රන්ටැඹේ ජලාශයට වැටී මියගිය සෙබලාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

රන්දෙණිගල සහ රන්දෙණිගල ජලාශයන්හි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු ජලාශයට වැටී අතුරුදන් වූයේ පෙරේදා රාත්‍රියේදීයි.ඔහුගේ සිරුර ඊයේ සොයා ගැනුණා. ජලාශයේ වේල්ල පහල පරික්ෂා කිරීමේදී අඩි විස්සක් පමණ ගැඹුරු ජලයේ තිබියදීයි දේහය සොයා ගැනුණේ. අනතුරින් මිය ගොස් ඇත්තේ මාවනැල්ල අලුත් නුවර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සෙබලෙක්. රන්ටැඹේ යුද හමුදා කදවුරට අනුයුක්තව ඔහු සේවය කරමින් සිටියා. මෙම අනතුර සිදුවූ ස්ථානයෙන්ම මීට පෙරද පුද්ගලයන් දෙදෙනෙකු වැටී මියගිය බව  ප්‍රදේශවාසීන් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2019 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්