විවිධ අර්බුද මැද අධ්‍යාපනයේ ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ආරම්භ කළ මෙම විද්‍යාලයේ වර්තමානය වන විට සිසුන් තුන්දහසක් පමණ අධ්‍යාපනය ලබනවා. වසර 76 ක ඉතිහාසයක් ඇති විද්‍යාලය අද වන විට ක්ෂේත්‍ර ගණනාවකින් වර්ධනයක් ලබා තිබෙනවා. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ සමරු ඵලකය අමාත්‍යවරයා නිරාවරණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OZgpRkOql4A”]
පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, විදුහල්පති ලක්ෂ්මන් විජේරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.