fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉම්රාන් ඛාන් සෞදි කුමරුගේ ගුවන් යානයෙන් ඇමරිකාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 17:45

ඉම්රාන් ඛාන් සෞදි කුමරුගේ ගුවන් යානයෙන් ඇමරිකාවට

පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇමරිකාවට පැමිණියා. සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ විශේෂ පෞද්ගලික ගුවන් යානායකින් ඉම්රාන් ඛාන් ඇමරිකාවට ලඟා වූ බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබියේ දින දෙකක නිල සංචාරයක නිරතව සිටි ඔහු සෞදි ඔටුන්න හිමි කුමරුගේ විශේෂ ඇරියුමක් අනූව මෙලෙස එම ගුවන්යානයෙන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ජගත් මහා මණ්ඩල සැසියට සහභාගී වනවා. ඔහු ලබන 27 වනදා සැසිය ඇමතීමටයි නියමිත.

කාශ්මීර අර්බුදය ඇතුළු ගැටළු රැසක් පිළිබඳ ඉම්රාන් ඛාන් සිය දින හතක ඇමරිකා සංචාරයේ දී ලෝක නායකයන් දැනුවත් කරනු ඇති බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 17:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්