fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ කැබිනට් හමුව ගැන ජනපති සහ අගමැති කී දේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 18:27

විශේෂ කැබිනට් හමුව ගැන ජනපති සහ අගමැති කී දේ

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳවූ හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇත්තේ  වැරදි ප්‍රකාශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. නාඋලදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කර සිටියා. ඒ අරලියගහ මන්දිරයේදීයි. කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදී පමණක් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්