එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේදි ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සිවිල් සංවිධාන මෙන්ම ද්‍රවිඩ ජාතික සංධානයේ ද සහාය ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම,එක්සත් ජාතික පාක්ෂිකයන් නොවන පිරිසගේ ජන්දය ජනාධිපතිවරණයේදී ගන්නා ආකාරය ගැනත් විධායක ජනාධිපතිධූරය සම්බන්ධයෙනුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර අදහස් හුවමාරු වි තිබිණි. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඊළඟ සාකච්ඡාව හෙට (23) පැවැත්විමට නියමිතයි.