fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් හමුදා ගල්ෆ් කලාපයෙන් වහා ඉවත් විය යුතුයි – ඉරාන ජනාධිපති

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 15:35

විදෙස් හමුදා ගල්ෆ් කලාපයෙන් වහා ඉවත් විය යුතුයි – ඉරාන ජනාධිපති

විදෙස් හමුදා ගල්ෆ් කලාපයෙන් වහා ඉවත් විය යුතු බව ඉරාන ජනාධිපති හසන් රවුහානි අවධාරණය කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය ගල්ෆ් කලාපයේ රදවා සිටින සිය හමුදා භට කණ්ඩ සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කිරීමත් සමගයි ඉරාන ජනාධිපතිවරයා මෙම නිවේදනය සිදු කර ඇත්තේ. සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වීමෙන් පසු අතිරේක හමුදා කණ්ඩායම් ගල්ෆ් කලාපයට එවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කළා.

ඉදිරි දින කිහිපය තුළදී ගල්ෆ් කලාපය තුල විශේෂ වැඩපිළිවෙලක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ඉදිරිපත් කිරීමට ඉරානය සූදානම් බවයි රවුහානි කියා සිටින්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්