fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශයට කඩුළු 04ක ජයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 15:08

බංග්ලාදේශයට කඩුළු 04ක ජයක්

බංග්ලාදේශ  තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය  කඩුළු 04 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 07 ක් දැවී ලකුණු 138 ක් වාර්තා කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන හස්‍රමුල්සාසි  ලකුණු 47 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුළු 06 ක් දැවී ලකුණු 139 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශකීබ් අල්හසන් පන්දු 45 කදී ලකුණු 70 ක් රැස්කළා. පන්දු යැවීමේදී නවීන් උල්හක් සහ රෂීඩ් ඛාන් කඩුළු 02  බැගින් බිද හෙලුවා. තරගේ වීරයා සම්මානය හිමිකරගත්තේද ශකීබ් අල්හසන් විසින්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 15:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්