fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:58

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හතර දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ළඟ තිබී ගංජා ග‍්‍රෑම් 478ක් සොයාගත්තා.

එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තේ පොතුවිල් ලාහුගල ප‍්‍රදේශයේදී. සැකකරු ගංජා තොගය ලාහුගල සිට පොතුවිල් දක්වා රැගෙන යමින් සිටියදීයි අත්අඩංගුවට පත්වුණේ. පොලිසිය හා නාවික හමුදාවයි වැටලීම සිදුකළේ.

අනෙක් සැකකරුවන් බළංගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. ඒ අතර කාන්තාවක ද වන බවයි කල්තොට පොලිසිය පවසන්නේ. ඔවුන් අද (22) බළංගොඩ මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කරන බව කල්තොට පොලිසිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්