fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදාපති සහ උතුරු පළාත් ආණ්ඩුකාර අතර හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:05

යුද හමුදාපති සහ උතුරු පළාත් ආණ්ඩුකාර අතර හමුවක්

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් සිදුවුණා. ඒ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදීයි.

පශ්චාත් යුද සමයේ උතුරු පළාතේ ආරක්ෂක හා මානුෂීය ක්‍රියාකාරකම් පිළිබදවයි යුද හමුදාපති සහ ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡා පැවැත්වුණේ. උතුරු පළාතේ ආරක්ෂක කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යන බව ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියා. උතුරු පළාතේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයා යුද හමුදාපතිවරයා දැනුවත් කළා.

ජාතික ආරක්ෂක කටයුතු සදහා හමුදාවට නිදහස් කළ නොහැකි ඉඩම් හදුනාගෙන ඒවා ප්‍රකාශයට පත් කරන ලෙස ආණ්ඩුකාරවරයා මෙහිදී ඉල්ලා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්