එන්ටප්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ණය යෝජනා ක්‍රමයෙන් තවත් ජංගම සේවාවක් අද (22) කිරිඳිවැල මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා. ආයෝජකයන්ට අවශ්‍ය ණය මුදල් ලබාගැනීමේදී ඇති වන ගැටලු වලට විසඳුම් ලබාදීමයි වැඩසටහනේ අරමුණ.
මෙහිදී ආයෝජකයන්ට ණය අයදුම්පත් නිකුත් කිරිම, බැංකු ණය ලබාගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් සහ ව්‍යාපාර හා සමාගම් ලියාපදිංචි කිරීමේ පහසුකම් ඇතුලු තවත් සහන රැසක් හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මතයි වැඩසටහන කි‍්‍රයාත්මක වන්නේ.
ලබන සති අන්තයේ පුත්තලම, මන්නාරම හා ගාල්ල දිස්ති‍්‍රක්වල ද ජංගම සේවාවන් පැවැත්වීමටයි මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන්නේ.