fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ඉරිදා ප‍්‍රහාරය විමර්ශනයට ජනපතිගෙන් යළි කොමිසමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 11:54

පාස්කු ඉරිදා ප‍්‍රහාරය විමර්ශනයට ජනපතිගෙන් යළි කොමිසමක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නව පංච පුද්ගල කොමිසමක් පත්කර තිබෙනවා.

එහි සභාපති ලෙස කටයුතු කරන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා. අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එම් එම් අධිකාරී මහත්මිය ද කොමිසමේ සෙසු සාමාජිකයන්.

මාස තුනක් ඇතුලත අතුරු වාර්තාව ලබාගැනීමයි අරමුණ. මාස 6 ක් ඇතුලත විමර්ශන සහ පරික්ෂණවල නිගමන ඇතුලත් නිර්දේශ සහිත අවසන් වාර්තාව ලබාදිය යුතු බවයි ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්