fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල්වලා , ගිංගඟේ ජල මට්ටම ඉහළට – විමසිලිමත්වන්නැයි ජනතාවට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:25

නිල්වලා , ගිංගඟේ ජල මට්ටම ඉහළට – විමසිලිමත්වන්නැයි ජනතාවට අනතුරු ඇඟවීම්

බස්නාහිර , සබරගමුව,මධ්‍යම සහ දකුණ පළාත්වල වැසි හෝ ගිගුරුම්  සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා සහ ගිංගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ජනතාවට විමසිලිමත්වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවනවා.

මේ අතර නිල්වලා ගඟේ අතු ගංගාවක් වන උ රුමුත්ත ඔය මාකදුර ප්‍රදේශයෙන් පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් කඹුරුපිටිය මුලටියන ප්‍රදාන මාර්ගය මේ වන විට ජලයෙන් යටව පවතිනවා. ඇතැම් ස්ථානවලට පස්කදු කඩා වැටීම නිසා මේ වන විට එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා ඇති ව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2019 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්