ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. වැටලීම සිදුකර තිබෙන්නේ වත්තල පොලිස් වසමේ කළ්‍යාණි මාවත ප්‍රදෙශයේදීයි.
එහි තිබී ව්‍යාජ ඉඩම් ඔප්පු හා විවිධ ආයතන වලට අයත් ව්‍යාජ නිල මුද්‍රා 18 ක් ද හමුවී තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකා වරාය අධිකාරිය, ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය ඇතුලු ආයතන ද ඊට අයත්. සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.