fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවුල් එක් ලක්‍ෂ දාහත්දහසකට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 18:57

පවුල් එක් ලක්‍ෂ දාහත්දහසකට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

පවුල් එක්ලක්‍ෂ දාහත්දහස් පන්සියයකට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) ආරම්භ කෙරුණා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ නගර සැලසුම්,  ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මහනුවර නාගරික කලාපයට ඔබ්බෙන් ඇති ප්‍රදේශවලට නළ මගින් පානීය ජලය ලබා දීම ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙනවා. පාතදුම්බර,  අකුරණ,  පූජාපිටිය, හාරිස්පත්තුව,  මහනුවර,  කඩවත්සතර හා ගඟවටකෝරළේ,  තුම්පනේ මෙන්ම මාවතගම යන ප්‍රදේශවලට ව්‍යාපෘතිය හරහා ජලය සැපයීමට නියමිතයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 50 ක් වැය කෙරෙනවා.

නව සේවා ජලාශ 27 ක් මෙන්ම නව පොම්පාගාර 16 ක් ඉදිකිරීමට නියමිතයි. 2022 වසරේ ව්‍යාපෘතිය අවසන් කිරීම සැලසුමයි.

මැතිඇමතිවරුන්,  ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුවෙයුවෑන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

උත්සවයේ සමාරම්භක අවස්ථාව පැවැත්වුණේ හාරිස්පත්තුව කුරුදුගහමඩදීයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පූජාපිටිය නගරයේ අලුතින් ඉදිකළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණා. රුපියල් ලක්‍ෂ 500 ක් මේ සඳහා වැයකර තිබෙනවා.

මේ අතර පූජාපිටිය බොක්කාවල සේවා ජලාශය ඉදිකිරීමේ කටයුතු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ප්‍රදේශයේ දහස් ගණනකගේ ජල අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. ඒ අනුව විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්