හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත එච් ආර් මිත්‍රපාල මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වුවා.
එච් ආර් මිත්‍රපාල මහතා හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල පිහිටි තම නිවසේදී අභාවප්‍රාප්ත වන විට 73 වන වියෙහි පසුවුණා. කථිකාචාර්ය වරයෙකු මෙන්ම නීතීඥයෙකු ද වූ ඒ මහතා 1988 වසරේදී සබරගමු පළාත් සභාවට තේරී පත්ව එම පළාත් සභාවේ පළමු විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළා. වසර 2000 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2015 වන තෙක්ම මන්ත්‍රිවරයෙකු මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස ද කටයුතු කළා.
එච්.ආර් මිත්‍රපාල මහතාගේ දේහය තැන්පත් කර ඇති කරවනැල්ල නිවස වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා. පවුලේ ඥාතීන්වෙතද තම සාතිශ්‍යය සංවේගය පල කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මැති ඇමතිවරුන් රැසක්ද මිත්‍රපාල මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.