fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැමිල්ටන් මසකඩ්සාගේ අවසන් තරඟය ජයග්‍රහණයකින් අවසන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 14:42

හැමිල්ටන් මසකඩ්සාගේ අවසන් තරඟය ජයග්‍රහණයකින් අවසන්

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 07කින් ජය ගැනිමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. සිම්බාබ්වේ කන්ඩායමේ නායක හැමිල්ටන් මසකාඩ්සා අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය විමද විශේෂත්වයක්.

චිතගෝන්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 155ක් ලබා ගත්තා. ජයග්‍රහනය සදහා ලකුණු 156ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර දහනවයයි පන්දු තුනක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

නායක හැම්ල්ටන් මසකාඩ්සා සිය අවසන් ජාත්‍යන්තර ඉනිමේදී සිය රටට ජය ගෙන දෙමින් පන්දු 42කින් ලකුණු 71ක් ලබා ගත්තා. 2001 වසරේදී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් මසකඩ්සා මේ වන විට ටෙස්ට් තරග 38කදී  එක්දින තරග 209කදී සහ විස්සයි විස්ස තර 66කදී සම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2019 14:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්